පෙම්වතියගේ හිස කැලණි ගඟට විසි කරල…? ගඟ දිගේ සෝදිසි මෙහෙයුම් ඇරඹේ…!

March 4, 2021 at 10:58 pm | by emanisa.lk

බුත්තල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා අතින් ඝාතනය වූ බවට සැකකෙරෙන අදාළ කාන්තාව නිවසින් පැමිණීමේ දී රැගෙන ආ බෑගය පිළිබඳව ද මේ වන විට විශේෂ අවධානයක් යොමුවී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසූවේ එම බෑගය ද මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ය.

එම යුවළ නැවතී සිටි නවාතැන්පොළ හංවැල්ල –කොළඹ මාර්ගයේ කැලණි ගඟ ආසන්න ප්‍රදේශයක පිහිටා ඇති බවත් යම් හෙයකින් ඝාතකයා විසින් කාන්තාවගේ හිස ඇයගේ බෑගයේ දමා කැලණි ගඟට විසිකරන්නට ඇත්දැයි පොලිස් විමර්ශන කණ්ඩායම්වලට සැකයක් මතුවී ඇති බවද අජිත් රෝහණ පැවසීය.

ඒ අනුව මේ පිළිබඳව විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් අද (04) සවස 3.00ට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කැලණි ගඟ මුහුදට සම්බන්ධ වන මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා අදාළ සෝදිසි කිරීම් සිදුකෙරෙනු ඇත.

ඝාතනයට ලක් වූ තරුණියගේ හිස මෙතෙක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් නිශ්චිත ලෙසම අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය සාම්පල ඇයගේ සිරුරෙන් සහ ඥාතීන්ගෙන් ලබාගැනීමට ඊයේ තීරණය කළ අතර අද දිනයේ ඊට අදාළ සාම්පල ලබාගෙන තිබුණි.

පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයෙන් සොයා ගැනුණු හිස රහිත කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ DNA පරික්ෂණ වාර්තා ලැබෙන තෙක් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මීට පෙර පැවසීය.

– adaderana

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *