පෙට්‍රල් බැරලයක් ඩො. 94ක් වෙද්දි බොරතෙල් බැලරයක් ඩො. 197යි…! යල්පිනූ සපුගස්කන්ද වහල පෙට්‍රල් ඩීසල් ගෙන එක 100%ක් ලාභයි..! – බලශක්ති ඇමැති…

November 19, 2021 at 7:08 am | by emanisa.lk

ඩොලර් කළමනාකරණයේ දී බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය ලාභදායි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

බොරතෙල් පිරිපහදුවේ දී දළ වශයෙන් රුපියල් පහක ලාභයක් තිබුණ ද ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ද පිරිපහදු කළ ඉන්ධනවලට අඩුවීම හේතුවෙන් රුපියල් 15 ක පමණ ලාභයක් ඇති බව කී අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එසේ ම පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනයේ දී බැරයකට ඩොලර් 93.65 ක් ද, එම ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට බොරතෙල් ආනයනයට ඩොලර් 197 ක් හෙවත් දෙගුණයකටත් වැඩි මුදලක් ද වැය වන බව හෙතෙම සඳහන් කළේය.

පිරිපහදුවෙන් ඉතිරි වන දැවි තෙල් සහ නැප්තා වර්තමානයේ භාවිතයට නොගන්නා නිසා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය වඩාත් ලාභදායි බව කී අමත්‍යාවරයා පැවසුවේ බොරතෙල් පිරිපහදුවේදී දැවි තෙල් සහ නැප්තා සියයට 37 ක් ඉතිරි වන බවයි.

පවතින අධික වර්ෂාව නිසා විදුලිබල මණ්ඩලය දැවි තෙල් සහ නැප්තා මිල දී නොගැනීම නිසා ටොන් 13,500 ක් ටැංකිවල එකතු වී ඇති බවත් පිරිපහදුව යල්පැන ගිය එකක් වීම නිසා බොරතෙල් බැරලයකින් පෙට්‍රල් සියයට 14 ක් සහ ඩීසල් සියයට 29 ක් පමණක් නිෂ්පාදනය කළ හැකි බවත් අමාත්‍යවරයා කීය.

පෙට්‍රල් සහ ඩීසල් බැරලයක් නිෂ්පාදනයට බොරතෙල් බැරල් 2.32 අවශ්‍ය බව කී අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ ඩීසල් බැරලයක් ඩොලර් 93 ක් සහ පෙට්‍රල් බැරලයක් ඩොලර් 95 ක් වන බවයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කොළඹදී අද (18) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස