ගුඩ්ඩාදී චූර්ණයෙන් සපුගස්කන්ද කොරෝනා පොකුර සුවපත් කළා….! තවත් දේශීය ඖෂධ 37ක් සූදානම්…..!

March 27, 2021 at 6:56 am | by emanisa.lk

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ආරම්භ වූ කොරෝනා පොකුර මේ වන විට මුළුමනින් ම පාලනය කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි පවසයි.

‘ගුඩුච්චාදී චූර්ණය’ ඇතුළු දේශීය ඖෂධ භාවිතයෙන් එම පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කර ගත් බවද ඔහු සඳහන් කළේ ය.

අද වන විට මෙරට කොරෝනා රෝගය අඩුම මරණ අනුපාතයකින් පාලනය වීමට දේශීය ඖෂධ භාවිතය ඉවහල් වූයේ යයිද හෙතෙම පැවසීය.

කොරෝනා වෛසරය සදහා නිෂ්පාදනය කරන ලද දේශීය ඖෂධ 37ක් මේ වන විට පර්යේෂණයට ලක් කරමින් ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේ ය.

ස්වර්ණවාහිනියේ රතුඉර සංවාදය සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේ ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *