ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 328ක් දක්වා ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 346 ක් දක්වා ද ඉහළ යනු ඇත.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් ද භූමිතෙල් ලීටරයක් රුපියල් 9 කින් ද අඩු කර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365ක් ද ඩීසල් ලීටරයක නව මිල රුපියල් 308 ක් ද භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236ක් ද බවට පත්වනු ඇත.