පූටින් දැඩි තීන්දුවක…! සියලු රුසියානු සංචාරකයින් නැවත කැඳවයි..! සියලු රුසියානුවන් ලංකාව හැර යති…!

June 5, 2022 at 3:27 pm | by emanisa.lk

මෙරට රැඳී සිටින සියලු රුසියානුවන්ට නැවත සිය රට පැමිණෙන ලෙස එරට බලධාරීන් දැනුම් දී ඇති අතර මේ වන විට ඔවුන් සිය සංචාර අතරමග නවතා දමා ශ්‍රී ලංකාවෙන් පිටව යමින් සිටිති.

“අපි ශ්‍රී ලංකාවට ආවෙ දින 14 ක සංචාරයක් සදහා. අපි මේ වෙනකොට හිටියෙ හික්කඩුවෙ. හදිසියේම ඇති වූ මේ තත්ත්වය නිසා අපට රුසියානු රජය දැනුම් දුන්නා, සංචාරය අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස.

ඒ අනුව දින 14 ක සංචාරය දින 07 කින් නිමා කරල ආපසු රුසියාව බලා යෑමට , මෙම රුසියානු එරොෆ්ලොට් අවසාන ගුවන් යානය සදහා අපි කටුනායක ගුවන් තොටුපළට ආවා” යැයි රුසියානු ජාතික එලේනා මෙසෙන්කෝවා මහත්මිය කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී 06/05 දින උදෑසන 10.00 ට පැවසුවාය.

“අපිට රුසියානු රජය මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සුදුසු බව ප්‍රකාශ කරමින් ඒ සදහා යොමු කිරීම් සිදු කළා. එහෙත් හදිසියේම ඇති වූ මේ තත්වය පිළිබඳව අපි කම්පනයට පත් වුණා. මේ රටේ සංචාරය කරන්න අපිට ඩීසල් තිබුණෙ නැහැ. ඒ මදිවට විදුලි කප්පාදුව. මේ සියලු ගැටළු මධ්‍යයේ වුවත් අපි බොහොම කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා.

අපේ රුසියානු සංචාරකයන් නිසා ශ්‍රී ලංකාවට ඩොලර් ලැබෙනවා. ඒත් මේ තීන්දුව නිසා ඒ තත්ත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙලා යයි. රුසියානු ජනාධිපතිවරයා මෙම සිදු වීම පිළිබඳව දැඩි තීරණයක් ගනීවි. ඒ අනුව අපට දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියානු රජය අපව දැනුවත් කර තිබෙනවා.” යැයි ද එලේනා මෙසෙන්කෝවා මහත්මිය සිය රුසියානු බසින් පැවසුවාය .

එමෙන්ම යළිත් මින් ඉදියට කිසිදු රුසියානු සංචාරකයෙකු මෙවැනි සිදුවීමක් ඇති වෙතැයි යන බියෙන් ශ්‍රී ලංකාවට නොපැමිණෙනු ඇතැයි ද ඇය වැඩි දුරටත් පැවසුවාය .

රුසියානු රජයේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් අතර ලිඛිත එකගතාවක් පවතිත්දීත්, එය නොසලකා හරිමින් බටහිර රාජ්‍යයක කුඩා රක්ෂණ සමාගමක පැමිණිල්ලක් මත මේ ආකාරයට දහස් ගණන් රුසියානු සංචාරකයන් අසරණ කරමින්, අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අභියෝගට ලක් කරමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාර්ගයක් ඇනහිටුවා ගැනීම පුදුම සහගත බව ද ඇය සඳහන් කළාය.

– ADA

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *