පුනර්ජනනීය විදුලියට එරෙහි පිරිස ජනපති හෙළි කරයි…!

May 27, 2022 at 12:18 pm | by emanisa.lk

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය කිරීමට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ විරුද්ධත්වය නිසා ඉටුකර ගැනීමට නොහැකිවී ඇති බව ජනතාවගේ මතය හෙයින් එය නිවැරදි කිරීමට කටයුතු කරන්නේ යැයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඔහු මෙසේ පැවසූවේ  පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කර  ගැනීමේ දී පවතින ගැටලු සම්බන්ධයෙන්  සොයා බැලීමට  කොටුව ජනපති මන්දිරයේ දී  ඊයේ (26) පස්වරුවේ පැවැති සාකච්ඡාවක දී ය.

මේ අතර ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ දායකත්වය ලබා ගැනීමට  සහාය වන්නැයි ජනාධිපතිවරයා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලීමක් කළේය.

සූර්ය බල ශක්තියෙන් විදුලිය උත්පාදනය ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන උපාය මාර්ගය වී ඇති හෙයින් එම පියවර අනුගමනය කරමින් සූර්ය පැනල පද්ධති කඩිනමින් යොදා ගැනීම වැදගත් බව ද  ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *