පළාත් පාලන මැතිවරණය හෝ පැවැත්වීමට කොන්දක් නොමැති ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව මහ මැතිවරණ, ජනාධිපතිවරණ ගැන පුරසාරම් දොඩන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතිය සුරකින ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය මුහුන දීමට සූදානම් බවයි, විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් පවත්වන බවට ආරංචිය පතුරවමින් ජනතාගේ අදහස් සොයා බලන බවත් ස්වාධින අපේක්ෂකයන්, යූඇන්පී අපේක්ෂකයන් කවුද කියා ජනාධිපතිට සහ පොහොට්ටුවට මේ වන විට පටලැවි ඇති බවත් සජිත් ප්‍රේමදාස කීය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 69 වැනි අදියර යටතේ අනුරාධපුර ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.