සමඟි ජන බලවේගය මේ රට ගොඩනැඟිය හැකි ව්‍යාපාරයක් නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
“මේ රට ගොඩනැඟිය හැක්කේ ජාතික ජන බලවේගයට බව ජනතාව මේ වන විට තේරුම් ගෙන තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් බලය පොදු ජනතාව අතට මාරුවීමට ඉඩ තිබුණා. මේ වන විට රට අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය නිවැරදි නෑ.
කඩේ බිස්නස් අඩුවී තිබෙන සහ බෙහෙත් නොමැති පසුබිමක ආර්ථිකය වර්ධනය වී ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කරනවා.”
ඔහු මේ බව පැවැසුවේ තංගල්ල ප්‍රදේශයේ දී සිය පාක්ෂිකයන් අමතමිනි.