ආණ්ඩුව ෆේල්වෙලා කොට උඩ..! උපරිම ආයුෂ තව මාස 8යි..! – ජවිපෙ….

December 30, 2020 at 10:40 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුව හැම පැත්තෙන්ම ෆේල් වී ඇති කොට උඩ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ සඳහන් කරයි.

එහෙයින් මෙම ආණ්ඩුවය පවතිනු ඇත්තේ තවත් උපරිම මාස හතක් අටක් බවත් එම කාලයෙන් පසු ආණ්ඩුව වැටෙන බවත් ඔහු අවධාරණය කළේ ය.

ඊට පෙර පළාත් සභා මැතිවරණය පවත්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් ඇතැයි ද හෙතෙම කීය.

කොරෝනා වසංගතයට ජනතාව දවසින් දවස බිලි වෙද්දී ආණ්ඩුව තම අසමත්කම් වසා ගැනීමට ඡන්ද ප්‍රතිඵල පෙන්වීමට දරන උත්සාහයට විරුද්ධ විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු මෙම අදහස් පළකරන ලද්දේ අනුරාධපුරයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස