පාර්ලිමේන්තුව සහ පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතනත් මින් ඉදිරියට විධායකයේ පාලනයට නතු වීමේ අවධානමක් ඇතැයි, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
එහි මෙහෙයුම් ප්‍රධානී නීතිඥ, ඩී.එම් දිසානායක සඳහන් කළේ, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ කඩිනමින් පවත්වා එම ආයතන මහජන නියෝජිත ආයතන බවට පත් කිරීමේ වගකීම රජය සතු බවයි.
මේ අතර පළාත් සභා මැතිවරණය මෙන්ම පළාත් පාලන මැතිවරණය ද අතුරුදන් විමේ අවධානමක් මතු වී ඇතැයි ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසයි.