කොටි ඝාතනය කළ බව කියන මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම්ගේ මළ ගෙදරට කොටි සංවිධානය මහවිරු බුහුමන් ලබා දී ඇති බව අනාවරණය වී තිබේ.
ඔහුගේ දේහයට ගෞරව දැක්වීම සඳහා කොටි නායක ප්‍රභාකරන් පැමිණ ඇති අතර දේහය කොටි දජයෙන් වසා උත්තමාචාර පුදකොට තිබේ. ආර්. සම්බන්ධන්ට පෙර තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ ද පරරාජසිංහම් ය. පරරාජසිංහම්ගේ අවමඟුල් පෙරහැරේ කොටි නායකයන් ගමන් කරන ආකාරය ද දැකගත හැකි ය.
ප්‍රභාකරන් විසින් මහා පුරුෂ සම්මානය ලබා දුන් ඇන්ටන් බාලසිංහම්, තමිල් සෙල්වම් ඇතුළු 10 අතර පරරාජසිංහම් ද වෙයි.
පසුගිය ආණ්ඩුව 2005 වසරේ පරරාජසිංහම් ඝාතනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත්තේ එවක ප්‍රභාකරන් යටතේ කොටි සංවිධානයේ නැඟෙනහිර නායකයකු ලෙස කටයුතු කළ පිල්ලෙයාන් හෙවත් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ය.
මෙලෙස අත්අඩංගුවට ගත් චන්ද්‍රකාන්ත් අවුරුදු 05ක් පමණ බන්ධනාගාරගත කොට තිබිණි. අද (13) අධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළේ ය.