රටට වස පොවන තවත් කටක් වසා දමයි….! පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙන ඒම තහනම්….!

April 2, 2021 at 11:39 pm | by emanisa.lk

පිරිපහදු නොකළ පොල් තෙල් රටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට රජය තීන්දු කරයි.

ඒ සඳහා නිකුත් කර ඇති ගැසට් පත්‍රය ද අවලංගු කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේ ය.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පොල් සංවර්ධන අධිකාරිය පැවතියත් රටට ගෙන්වන පොල්තෙල් සම්බන්ධයෙන් බලය පැවරීමක් එම අධිකාරියට ලැබී නැතැයි ද ඇමැතිවරයා කීවේය.

මෙම තත්ත්වය හමුවේ පොල් සංවර්ධන අධිකාරියට පූර්ණ බලතල ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අවශ්‍ය නීති සම්පාදනය කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට තමා උපදෙස් දුන් බවත් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *