පැන්ඩෝරා පත්‍රිකා ඇවිළෙයි…! තවත් තොරතුරු එළියට…! ශ්‍රී ලාංකිකයින් 65ක් ඒ අතර…!

October 7, 2021 at 8:12 am | by emanisa.lk

පැනඩෝරා පත‍්‍රිකා මගින් සැඟවුණු ධනය ඇති පුද්ගලයන් තවත් හෙළි වීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.

වාර්තා වන තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් හැට පස් දෙනකුගේ පමණ නම් එළිදරව් වීමට නියමිත බව ද මන්ත්‍රීවරයා අනාවරණය කරයි.

දැනට හෙළිදරව් වී ඇති පත්‍රිකාවල නිශ්චිත කාල සීමාවක් නම් කර නැති බව ද කී ඔහු කිසියම් හෝ ව්‍යාපාරිකයකු මුදල් කොහේ හෝ තැන්පත් කළ පසු රටේ ජනාධිපති ඊට වගකිය යුත්තේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ අදහස් පල කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *