වයස අවුරුදු 12-18ත් අතර සියලු ම ගැහැණු දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබාදිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.
අද (27) පාර්ලිමේන්තුව අමතමින් රාජ්‍ය ඇමැතිවරිය මේ බව ප්‍රකාශ කළාය.
රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේ ඒ සඳහා මුදල් වෙන්කරදීම සම්බන්ධයෙන් ඉදිරියේ දී රජය විසින් සාකච්ඡා සිදුකරන බවයි.
මෙම වැඩපිළිවෙල අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුවිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරිය යෝජනා කළාය. රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රමුඛතාව ලබාදෙමින් සිසුවියන් ලක්ෂ තුනකින් මෙම වැඩපිළිවෙල ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බවයි.
පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස සඳහන් කළේ තමන් ජනාධිපති වී සියලු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙන බවයි.