පාස්කු වාර්තාව ත්‍රස්තවාදීන් නෙමෙයි, මෛත්‍රී ඉලක්ක කරලා…! – දයාසිරි

February 27, 2021 at 8:58 am | by emanisa.lk

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ බහුතරයක් කරුණු ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර සඳහන් කරයි.

එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පැවරූ විෂය පථයට පරිභාහිර කරුණු ගණනාවක එහි අඩංගු බව ද ඔහු සඳහන් කළේය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කරමින් සමහර කොටස් සකස් වී ඇතැයි ද ඔහු චෝදනා කළේය.

මෙම වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් පක්ෂයක් ලෙස ඇති බවද ඔහු පැවසීය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *