පාස්කු බෝම්බකරු සමග සබඳතා පැවැත් වූ බුද්ධි නිලධාරියා මෙතෙක් අත්අඩංගුවට ගෙන නෑ!

November 10, 2020 at 10:15 am | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරය සිදුවීමට විනාඩි 45 කට පෙර දෙහිවල බෝම්බකරු වූ ලතීප් ජමිල් නැමැත්තා සමග රහස් සාකච්ඡාවක් පැවැත්වූ රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරියා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මෙතෙක් ක‍්‍රියාකර නැත.

මේ බරපතළ සිද්ධිය රජයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දැඩි අවධානයට යොමු වී තිබේ. මෙම රහස් සාකච්ඡාවෙන් පසු දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයට ගිය බෝම්බකරු බෝම්බය ගලවා ගැනීමට යෑමේ දී පුපුරාගොස් තිබේ.

මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව බෝම්බකරු තුර්කියේ සංචාරයක යෙදී මෙරටට පැමිණි අයකු බවට හෙළි වී ඇත. ලතීප් ජමිල් නමැති මෙම බෝම්බකරු ගැන රහස් පොලිසිය ද දැන සිටි බව රජයට හෙළි වී ඇත.

එහෙත් වසරකට අධික කාලයක් ගත වී ඇතත් බෝම්බකරු හමු වූ බුද්ධි නිලධාරියා ගැන විමර්ශන පැවැත්වීමට රහස් පොලිසිය ක‍්‍රියා කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *