ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන තම දේශපාලන බලය ශක්තිමත් කිරීමට වෙරදරූ පිරිසක් පාස්කු ප්රහාරය එල්ල කළ බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්රකාශ කරති.
පාස්කු ප්රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් ඉදිකළ ස්මාරක ආසිරි ගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළහ.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකිරීම සඳහා ඉදිකළ ස්මාරක දෙකක් ආසිරි ගැන්වීම ඊයේ(18) පස්වරුවේ අගරදගුරුෙහිමිපාණන්ගේ ප්රධානත්වයෙන් සිදුකෙරුණි.
ඒ අනුව බොරැල්ල පොදු සුසාන භූමිය වෙත පැමිණි කාදිනල් හිමිපාණන් ප්රහාරයෙන් මියගිය පුද්ගලයින් 09 දෙනෙකු සිහිකිරීම සඳහා ඉදිකළ ස්මාරකයක් ආසිරි ගැන්වීම සිදුකළහ.
අනතුරුව කාදිනල් හිමිපාණන් පාස්කු ප්රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහි කිරීම සඳහා මාදම්පිටිය සුසාන භූමියේ ඉදිකළ ස්මාරකය ආසිරි ගැන්වීමද සිදුකළහ.