පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර සිද්ධියේ වගකිවයුත්තන් කිසිවකුටත් ඇඟ බේරා ගැනීමට ඉඩ නොදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (10) පැවසීය.
පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වගකිවයුත්තන් තම ගැලවීමට විවිධ හේතු සාධක ඉදිරිපත් කළත් ඒ පිළිබඳව මේ වන විට සිදු කරගෙන යන විමර්ශනයන්ට අනුව සැබෑ තත්ත්වය හෙළි වී ඇති බව ද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ලබා දෙන වාර්තාවට අනුව වැරදිකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද අගමැතිවරයා අවධාරණය කරයි.
කිසිම හේතුවක් මත වැරදිකරුවන්ට සමාවක් නොලැබෙන බව ද දැනට සිදු කෙරෙන විමර්ශන පිළිබඳව වැරදි අවබෝධයක් ඇති කර ගැනීමට අවශ්‍ය නැති බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.