පාස්කු ප්‍රහාරයට මුදල් ඇද්ද යුවළට නවසීලන්තයේ රැකවරණය….!

September 15, 2021 at 10:56 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරකයන්ට මුදල් ගනුදෙනු සඳහා උපකාර කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකුට සහ ඔහුගේ බිරිඳට නවසීලන්තය සරණාගතභාවය පිරිනමා ඇත.

මෙම පුද්ගලයා ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක හෝ මතවාදවලට සහාය නොදැක් වූ බවට ඉදිරිපත් කළ කරුණු පිළිබඳව නවසීලන්ත බලධාරීන් සෑහිමකට පත්වී ඇති බව එරට ආගමන හා ආරක්‍ෂක විනිශ්චය මණ්ඩලයපවසයි.

විදේශීය තැරැව්කරුවකුගේ සහ විදෙස්ගත වී සිටින ඥාතියකුගේ මැදිහත්වීම මත මේ පුද්ගලයා මුදල් හුවමාරු ක්‍රමවේදයක් යටතේ ගනුදෙනු කිහිපයක් සිදුකර ඇත. එම මුදල්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් වෙත ලබා දී ඇති බවට ලද සැකයක් මත ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර තිබේ.

කෙසේ වෙතත් සැඟ වී සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැත. ශ්‍රී ලංකාවේදී දඬුවම් විඳීමට සිදුවේ යැයි යන බියෙන් මෙම යුවළ ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කොට නවසීලන්තයට පලාගොස් ඇති අතර ඉකුත් ජුනි මාසයේ දී ඔවුන් එරට සරණාගතභාවය ලබාගැනීම සඳහා 2021 මැයි මාසයේදී එරට ආගමන හා ආරක්‍ෂක විනිශ්චය මණ්ඩලය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

තමා අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙම මුදල් ගනුදෙනු සිදු කළ ද ශ්‍රී ලාංකික බලධාරීන් තමා දේශද්‍රෝහී ක්‍රියාවක නිරතවූවකු සේ සලකා කටයුතු කරන බව ඔහු එම අභියාචනයේ සඳහන් කර ඇත. එම අභියාචනය සලකා බැලූ ආගමන හා ආරක්‍ෂක විනිශ්චය මණ්ඩලය ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක හෝ මතවාදලවට මේ යුවළ සහාය නොදැක්වීම පිළිබඳව ඔවුන්ගේ සාක්ෂි විශ්වසනීය, ස්ථායී සහ ප්‍රතික්ෂේප කිරීමට නොහැකි ඒවා බවට තීරණය කර 2021 ජුනි 17වැනිදා මෙම යුවළට සරණාගතභාවය පිරිනැමීමට තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස