පාස්කු ප්‍රහාරයට නම ගෑවුණු කිසිවෙකුට ගැලවීමක් නෑ…..! – මහින්ද….

July 15, 2021 at 12:44 pm | by emanisa.lk

පාස්කු ඉරිදා සිදුකළ ප‍්‍රහාරයන් පිළිබඳව නීති ප‍්‍රකාරව තහවුරු වී සිටින ලොකු පොඩි සෑම සැකකරුවකුට ම ගැලවී යෑමට කිසිදු ඉඩක් නොතබන බවට අගමැති මහින්ද රාජපක්‍ෂ දැඩිව අවධාරණය කරයි.

මේ පිළිබඳව දැනට සිදු කෙරෙන විමර්ශන කටයුතු ප‍්‍රමාද නොකර කඩිනම් කිරීමට දැනටමත් ක‍්‍රියා කරගෙන යන බව ද අගමැතිවරයා සඳහන් කරයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව ආණ්ඩුව ක‍්‍රියා කරන ආකාරය කාගේත් දැඩි අවධානයට යොමු වී තිබිය දී ජනාධිපති විමර්ශන කොමිසමෙන් හෙළි වූ පුද්ගලයන්ට නිදැල්ලේ සිටීමට කිසිසේත් ඉඩ තබන්නේ නැති බව ද හෙතෙම කීවේය.

මෙම සිද්ධිය පිළිබඳව නම ගෑවුණු උදවියට නීතියෙන් බේරීයෑමට කිසිම මොහොතක ඉඩ නොතබන බවත් නීති ප‍්‍රකාරව කාට කාටත් දඬුවම් හිමිවන බව ද අගමැතිවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *