පාස්කු ප්‍රහාරකයන් අතට ඇමති බදියුදීන්ගේ කළු සල්ලි ගිහින්! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

July 28, 2020 at 11:56 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අයථා ලෙස උපයා ගත් මුදල් පාස්කු ප්‍රහාරය මෙහෙයුවූ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි.

දෙමටගොඩ තඹ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව මෙම තොරතුරු ලැබී ඇති බවද ඔහු පැවසීය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නේ පාස්කු ප්‍රහාරයට අදාළව බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඊයේ (27) අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව රිෂාඩ් බදියුදීන් සඳහන් කළේ තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නොමැති බවට වැඩබලන පොලිස්පතිවරයා තමන්ට ලිපියක්ද යොමුකර ඇති බවයි.

මෙයට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ 2019 දී නිකුත් කළ එම ලිපියෙන් සඳහන් කර ඇත්තේ එතෙක් ඔහු එම ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු ලැබී නොමැති බව පමණක් බව ද පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස