පාස්කු ප්‍රහාර විවාදයක් ඉල්ලා හරීන් – මනූෂ ඇදගෙන නායි…! සහරාන්ගේ පඩි බොරුව සහ බොරු වැලක් ඉල්ලා අස්කර ගනී…! ප්‍රහාරයේ වගකීම මෛත්‍රී-රනිල්ට පවරා වැඳ වැඳ පළා යයි…!

February 8, 2022 at 10:08 am | by emanisa.lk

2019 වසරේ එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ වගකිව යුතු බව හරීන් ප්‍රනාන්දු පවසයි.

ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යයක විවාදයකට එන ලෙස හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී සිදුකළ අභියෝගයකට අනුව ස්වර්ණවාහිනිය සංවිධානය කළ විශේෂ රතු ඉර වැඩසටහනේ දී ය.

ආණ්ඩුව නියෝජනය කරමින් විවාදයට එකතු වූ ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ආරම්භයේ සිට ම ප්‍රබල තර්ක ඉදිරිපත් කරනු දැකගත හැකි විය.

මේ නිසා විපක්ෂය නියෝජනය කරමින් විවාදයට පැමිණි හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දැඩි ලෙස අපහසුතාවට පත් වනු දැකගත හැකි විය. බුද්ධි අංශ සහරාන්ට පඩි ගෙව්වේ යැයි පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය නැවත ප්‍රකාශ කරන ලෙස මනූෂ නානායක්කාරට අභියෝග කළ ද ඔහු එය ප්‍රතික්ෂේප කළේ තමා එය හරියට නොදන්නා බව පවසමිනි.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සිදුකළ ප්‍රකාශ බොහොමයක් අසත්‍ය බව සනාථ කරමින් බොහෝ චෝදනා ඉල්ලා අස්කර ගැනීමට ද ඔවුන් දෙදෙනාට සිදුවූයේ මෙවැනි විවාදවල දී නීතියෙන් ගැළවෙන්නට පාර්ලිමේන්තු මුක්තිය නොලැබෙන හෙයිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස