පාස්කු ප්‍රහාරය පිළිබඳ යළි පරීක්ෂණ උවමනා නැතැයි විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් සහ පාර්ලිමේන්තු කාරක සභාවක් මගින් විධිමත් ලෙස පරීක්ෂණ පවත්වා ඇති බැවින් නැවත ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවක් නැති බව රජයේ ස්ථාවරය යැයි හෙතෙම සඳහන් කරයි.
චැනල් 4 නාළිකාවේ පාස්කු ප්‍රහාර වැඩසටහන ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව නිර්මාණය කළ 5 වන චිත්‍රපටය බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
කිසියම් රටක සරණාගතභාවය ඉල්ලා සිටින අය සිදුකරන අසත්‍ය ප්‍රකාශ පදනම් කරගෙන මෙම චිත්‍රපට හදන බව ද ඇමැති සබ්‍රි වැඩි දුරටත් පැවසුවේ ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.