ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලකරමින් ගරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 2022 ජනවාරි 20 වෙනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.
මුදල් ඇමැතිවරයා අයවැයෙන් ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා මිලියන 30 000ක් වෙන් කළ බව පවසන ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා, එය ගුරුවරුන්ගේ ජනවාරී වැටුපට එකතු විය යුතු බව සඳහන් කරයි.
එසේ නොවුණහොත් නැවත වෘත්තීය ක්‍රියාමාර්ග වෙත පිවිසීමට සිදුවන බව හෙතෙම අවධාරණය කරයි.
එසේ ම දේශපාලකයින් සම්බන්ධ කරගෙන පාසල්වල සිදු කරන උත්සව වර්ජනය කිරීමට සහ ළමයින් ඒ සඳහා සම්බන්ධ නොකර සිටීමට තීන්දු කර ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.
නැවත ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරන්නේ නම් ඒ සඳහා ගුරුවරුන්ට සහ ළමයින්ට සියලු පහසුකම් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව ද මහින්ද ජයසිංහ අවධාරණය කරයි.