සමගි ජන බලවේග මන්ත්‍රී පිරිස පාර්ලිමේන්තුවේ සිටින ඉතා ම නොහික්මුණු කණ්ඩායම බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
ඇතැම් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සභාව තුළ නැගිට බලහත්කාරයෙන් කතා කරන බවට ද කතානායකවරයා චෝදනා කළේය.
එහි දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ සභාවේ විනය රැකීම කතානායකවරයාගේ වගකීම බවයි.
විපක්ෂ කණ්ඩායම පාලනය කර ගැනීම ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ වගකීමක් බවයි, කතානායකවරයා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ.
අද (02) පාර්ලිමේන්තුවේ මෙම සංවාදය ඇති විය.