පාරවල් වහගෙන උද්ඝෝෂණ කරන්නේ ජනතාව නෙමෙයි ත්‍රස්තවාදීන්..!

March 9, 2023 at 2:35 pm | by emanisa.lk

උද්ඝෝෂණවල යෙදෙන්නේ සාමාන්‍ය ජනතාව නොව දේශපාලනයේ සිටින ත්‍රස්තවාදී කණ්ඩායම් යැයි අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

රටට සංචාරකයින් පැමිණෙන විට පාරවල් වසාගෙන විරෝධතා කරන මෙම කල්ලිවලට සංචාරක කර්මාන්තයෙන් ජීවත් වන ජනතාව පැමිණ පහර දිය යුතු යැයි හෙතෙම අවධාරණය කරයි.

මෙම උද්ඝෝෂණවල යෙදෙන්නේ එක ම කණ්ඩායම බවත් විදුලිය නෑ කියා පන්දම් අල්ලන්නේ ද විදුලි බිල වැඩියි කියා පන්දම් අල්ලේන ද එක ම කණ්ඩායම බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තුව අමතමින් ඇමැති කාංචන විජේසේකර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *