වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බලහරුව ප්‍රදේශයේ මාර්ගයක් නොමැති ස්ථානයක ඉදි කළ පාලමක් මේ වන විට විනාශ වෙමින් පවතින බව වාර්තා වෙයි.
බලහරුව කුඩාඔය හරහා මෙම පාලම ඉදිකර ඇති අතර පාලමේ එක් පසෙකින් පාලමට ඇතුළු විය හැකි වුවත් අනෙක් පස මාර්ගයක් නොමැති විශාල කැලෑවක් සඳහා යොමු වී පවතී.
ඉදිකිරීම් කළ දා සිට ප්‍රයෝජනයට ගන්නේ ප්‍රදේශයට රාත්‍රි කාලයේ පැමිණෙන වල් අලි සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් බව ද වාර්තා වෙයි.