රෝහල් වෙත රැගෙන එන කොවිඩ් ආසාදිතයින් විනාඩි 15-30ත් අතර කාලයක් තුළ රෝහල් වෙත භාරගත යුතු බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරීමේ දී ප්‍රමාදවීම් සිදුවන බවට පාර්ශ්ව රැසක් චෝදනා කළ අතර එම කරුණු සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
එසේ ම පානදුර රෝහලේ කොවිඩ් ආසාදිතයින් ඇඳන් නොමැති නිසා බිම තැබීම පිළිබඳ රෝහල් බලධාරීන්ගෙන් කරුණු විමසා වාර්තාවක් කැඳවා තිබේ.
කිසිදු රෝගියෙකු රෝහලේ ඉඩ නොමැති නම් බිම නොතබන ලෙසටත් ඔවුන් ආසන්නතම රෝහල් වෙත මාරුකර යැවීමට පියවර ගත යුතු බවටත් මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් රෝහල් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබිණි.