පාඨලීට සමගි බලෙන් තවම මුකුත් නෑ….! නියොමාල් පෙරේරාත් කෘත්‍යාධිකාරියට…!

February 12, 2021 at 5:25 pm | by emanisa.lk

හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ නියෝමාල් පෙරේරා අද (12) විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතින් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයෙකු ලෙස පත්වීම් ලබා ගත්තේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ නියොමාල් පෙරේරා පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්විය.

පසුගිය මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුක්ත සමගි ජන බලවේගය සමග එක්වූ ඒ මහතා එහි ජාතික ලයිස්තුවට ද ඇතුලත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස