පාඨලී කුඩම්මාගේ සැලකිලි නිසා අවුලක! සමගි බලේ වැඩ මගහැර නිහඬ වෙයි!!

September 10, 2020 at 6:55 pm | by emanisa.lk

සමගි ජන බලවේග නායකත්ව මණ්ඩල සාමාජික පාඨලී චම්පක රණවක එම පක්ෂයේ වැඩ කටයුතුවලින් ඉවත්ව සිටින බව දැනගන්නට තිබේ.

ඒ තනතුරු ප්‍රශ්නයක් මුල් කොටගෙන බව වාර්තා වේ.

සමගි ජන බලවේගය පිහිටුවීමෙන් පසු එහි ජාතික සංවිධායක ධුරය චම්පික රණවක බලාපොරොත්තු විය. එහෙත් එම තනතුර තිස්ස අත්තනායකට ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරන ලදී.

ඉන්පසු චම්පික රණවක පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය බලාපොරොත්තුවෙන් සිටි බව වාර්තා වේ. එහෙත් එම ධූරය යහපාලන ආණ්ඩුවේ හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලට ලබාදීමට සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස පියවර ගන්නා ලදී.

මෙම තනතුරු ප්‍රශ්න මුල් කොට ගෙන පාඨලී චචම්පක රණවක මේ වන විට සමගි ජන බලවේගයේ වැඩකටයුතුවලට සහභාගි වන්නේ ඉඳහිට වන අතර එහි නායකත්ව මණ්ඩල රැස්වීම් රැසකටම සහභාගි වී නොමැති බවද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස