පාඨලීගේ ඇරයුම සජිත් ප්‍රතික්ෂේප කරයි..! 43 සේනාංකයේ ජාතික සමුළුට නොපැමිණෙයි…!

January 24, 2022 at 9:33 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ’43 සේනාංකයේ’ පළමු ජාතික සමුළුවට සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබුණ ද ඔහු ඊට සහභාගී නොවීය.

පාඨලී චම්පික රණවක නියෝජනය කරන සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් සහ දේශපාලන ක්‍රියාකාරිකයන්ට ⁣සමුළුව සඳහා සහභාගී වන ලෙස විවෘත ආරාධනයක් සහ පෞද්ගලිකව ද දුරකතනයෙන් අමතා ආරාධනා කළ ද ඔවුන් සහභාගී නොවීම හේතුවෙන් එම සේනාංක⁣ය කනස්සල්ලට පත්ව ඇතැයි සඳහන්ය.

සමඟි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ මන්ත්‍රිවරුන් බහුතරයක් අදාළ ආරාධනය නොසලකා හැර ඇත්තේ පක්ෂ නායකයාගේ බලපෑම සහ උදහසට ලක්වීමට ඇති බිය නිසාවෙන් බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පමණක් පක්ෂය නියෝජනය කරමින් ඊයේ (23) ජයවර්ධනපුර දී පැවැති සමුළුවට සහභාගී විය.

⁣පක්ෂ භේදයකින් තොරව සමුළුවට සහභාගී වන ලෙස 43 සේනාංකය මෙරට සියලු පක්ෂවලට ලිඛිතව සහ වාචිකව ආරාධනා කර තිබුණ ද, දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරී පුද්ගල චරිත නියෝජනය කරමින් මේ සඳහා සහභාගී වූයේ හිටපු කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කුමාර වෙල්ගම, මනෝ ගනේෂන් සහ හිටපු ඇමැති සාගල රත්නායක පමණී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *