ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට නොදුන් ඊළම TNAයට ප්‍රජාතන්ත්‍රවාදයට දෙන්නේ නෑ!

July 28, 2020 at 12:05 pm | by emanisa.lk

කොටි සංවිධානය උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා දියත් කළ ත්‍රස්තවාදය තමන් පරාජය කළ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

එදා ප්‍රභාකරන් යුද්ධයෙන් දිනාගැනීමට උත්සාහ කළ ඊළම මෙදා දෙමළ ජාතික සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණ පෙන්වමින් දිනාගැනීමට උත්සාහ සූදානම් වන බව සඳහන් කළ අගමැතිවරයා ඒ සඳහා තමන් ඉඩ නොතබන බව අවධාරණය කළේය.

ප්‍රභාකරන් ඉල්ලූ දේ කිසිසේත් ලබා නොදෙන බවට භීෂණය සහ ත්‍රස්තවාදය වෙනුවට තරුණ පරපුරට නව අධ්‍යාපන අවස්ථා ලබා දීමටත්, වෘත්තීය පුහුණුව සහ තාක්ෂණික අධ්‍යාපනය ඔස්සේ ඔවුන්ගේ අනාගතය සාර්ථක කිරීමටත් රජයක් ලෙස කළ හැකි සියල්ල කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ඊයේ (27) දඹදෙණිය නාරම්මල ප්‍රදේශයේ දී ජනහමුවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස