ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ල පිරෙයි…! කොවිඩ් ආසාදිතයින් 4000ක් නිවෙස්වල….!

May 8, 2021 at 8:02 am | by emanisa.lk

රෝහල්වල සහ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැති වීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ හාරදහසකට අධික පිරිසක් ඔවුන්ගේ නිවාසවලම රඳවා තැබීමට ඊයේ (07) පෙරවරුව වන විට සෞඛ්‍ය අංශවලට සිදුව තිබිණි.

මෙරට කොරෝනා තෙවැනි රැල්ලේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග දිනෙන් දින විශාල වශයෙන් ආසාදිතයන් වාර්තා වීම හමුවේ මෙම තත්ත්වය උදා වී ඇත.

මෙරටින් පෙරේදා (06) රාත්‍රිය වන විට වාර්තා වූ ආසාදිතයන් පිරිස හා සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස අනුව තවත් ආසාදිතයන් 17805 දෙනකු රෝහල්ගතව සිටිය යුතු වුවද ජාතික කොරෝනා මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථානය පෙරේදා සඳහන් කර තිබුණේ ආසාදිතයන් 13043 දෙනකු රෝහල්ගතව සිටින බවකි.

ඒ අනුව බැලුව ද රෝහල්ගත නොකර සිටි ආසාදිතයන් පිරිස 4762 කි. ජාතික වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම ගැටලු සහගත වී තිබෙන බවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස