ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි, පිඟන්, හැඳි සහ කෝප්පත් තහනම්….!

August 9, 2021 at 8:08 am | by emanisa.lk

පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08ක් තහනම් කිරීමට ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරන බව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා (05) පැවසීය.

ඊට පොලිතීන් බෑග්, ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි, ප්ලාස්ටික් පිඟන්, ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් හැඳි වැනි දෑ ඇතුළත් වන බව එම කාරක සභාවේ රැස්වීමේ දී අමාත්‍යවරයා වැඩි දුරටත් කීවේය.

ලන්ච්ෂීට් තහනම් කිරීමේ නීතිය ලබන සැප්තැම්බර් 01 වැනි දා සිට දැඩිව ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර කාරක සභාවේ දී අවධාරණය කළේය. ඊට අදාළ වැටලීම් ඉහළ නංවන ලෙස ද හෙතෙම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *