ප්‍රබල කැන්ගරුවන් පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්…!

June 19, 2022 at 11:07 pm | by emanisa.lk

අද (19) පැවති තෙවැනි එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ 2-1 ලෙස පෙරමුණ ගැනීමට ලංකාව සමත් විය.

පැතුම් නිශ්ශංක අගනා ශතකයක් සමග ලකුණු 137(147) වාර්තා කළ අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 87*(85) ලබා ගනිමින් ජයග්‍රහණයේ අඩිතාලම දැමුවේය.

පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 292ක් ලබා ගත්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *