ප්‍රචණ්ඩ ජවිපෙ සහ පෙරටුගාමීන් අරගලය දියාරු කළා…! දැන් ගෝල්ෆේස් එකේ අරගලය ඉවරයි..! – පැතුම් කර්නර්…

May 23, 2022 at 4:56 pm | by emanisa.lk

GoHomeGota තේමාව යටතේ අරගලය සංවිධානය කළේ ජනාධිපතිවරයා ගෙදර යවා අලුත් සිස්ටම් එකක් හඳුන්වා දීමට බව එම අරගලයේ නිර්මාතෘවරයෙකු වන පැතුම් කර්නර් පවසයි.

කෙසේ වුව ද විවිධ දේශපාලන පක්ෂ විසින් හොරකම් කළ සල්ලි ආපසු දියවු, රාජපක්ෂලා සිරගත කරමු, රාජපක්ෂලා මරමු වැනි අනවශ්‍ය මාතෘකා වෙත ඇදගෙන ගොස් අරගලය දියාරු කළ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

අතීතයේ සිට ම ප්‍රචණ්ඩවය විශ්වාස කළ දේශපාලන පක්ෂ අරගලයට පැමිණෙන දේශපාලනඥයින්ට පහර දීමටත් අරගල භූමියෙන් විකල්ප මත දරන කණ්ඩායම් පළවා හැරීමටත් කටයුතු කළ බවට කර්නර් චෝදනා කරයි.

මෙම කණ්ඩායම විසින් අරගලය ප්‍රචණ්ඩත්වය කරා රැගෙන ගිය අතර තව දුරටත් අරගලය ගාලු මුවදොර තිබේ ද යන ගැටලුව දැන් මතුව ඇතැයි ද පැතුම් කර්නර් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *