ඌව පළාත් සභාවට වෙන් කළ කළ රු. බිලියන 23ක ප්රතිපාදනවලින් ජනතා සේවයට ඉතිරි වූයේ රු.බි. 05ක් පමණක් බව ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක පවසයි.
ඒ ඊයේ (24) පාර්ලිමේන්තුව අමතමිනි.
පසුගිය මහ මැතිවරණයෙන් ජයග්රහණය කොට පාර්මේන්තුවට තේරී පත්වී ඇති අතර ඔහු ප්රකාශ කළේ තමන් මහ ඇමැති ධූරය දරන සමයේ ඌව පළාත් සභාවට වාර්ෂික රුපියල් බිලියන 23ක ප්රතිපාදන ලැබුණු බවත් ඉන් රුපියල් බිලියන 18ක්ම පුනරාවර්තන වියදම් සඳහා වැය වූ බවත්ය.
එනම් ප්රතිශතයක් ලෙස 78%ක මුදලකි. එනම් පළාත් සභාවේ සේවකයන්ට වැටුප් ගෙවීම, ගොඩනැගිලි හා වාහන නඩත්තුව ආදී කටයුතු සඳහාය.
පළාත් සභාවෙන් ජනතාව වෙත සපයන සේවා සඳහා ඉතුරු වූයේ රුපියල් බිලියන 5ක් එනම් රුපියල් මිලියන 5000 ක පමණ මුදලක් බවද ඔහු විසින් පෙන්වා දෙන ලදී.