පළාත් සභා විසිරුවත් නිවනක් නෑ…! ඇහැට වැලි ගහල ලක්ෂ 2700කට විදලා…!

November 6, 2022 at 7:45 pm | by emanisa.lk

විසුරුවා හැර තිබෙන පළාත් සභාවල ආණ්ඩුකාරවරු නොමග යවමින් පළාත් සභා උසස් නිලධාරීන් ඉකුත් වසර තුනේ දී රුපියල් කෝටි විසිහතකට අධික දීමනා ලබාගෙන ඇතැයි රාජ්‍ය විගණනයේදී හෙළි වී තිබේ.

රජයේ චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මෙසේ ඉන්ධන, නිවාස කුලී හා වෙනත් විවිධ දීමනා ලෙස අතිවිශාල මුදල්ක් මෙලෙස වැයකර ඇත්තේ ලබාදී තිබෙන දීමනාවලට අමතරව බව ද හෙළි වී ඇත.

පළාත් සභා විසුරුවා හැර මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් ගතවී තිබෙන අතර ඇතැම් පළාත් සභාවල උසස් නිලධාරීන් තමන්ට අභිමත පරිදි වරප්‍රසාද ලබාගනිමින් සිටින බව ද විගණන වාර්තා මගින් දිගින් දිගටම රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා අනෙකුත් අංශවලට දැනුම්දී තිබේ.

මීට අමතරව රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ නොතකමින් විශ්‍රාම ගිය නිලධාරීන්ට යළි තනතුරු ලබාදෙමින් කටයුතු කිරීම නිසා විශ්‍රාමිකයන් දෙවරක් රජයෙන් වැටුප් ලබාගන්නා බවද හෙළිකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *