පළාත් සභා බෙදුම්වාදී ජයග්‍රහණයක්! අලුත් ව්‍යවස්ථාවට පෙර පළාත් සභා ඡන්ද එපා! – ජාතික විද්වත් භික්ෂු සංසදය

December 27, 2020 at 10:48 pm | by emanisa.lk

මේ රටේ පළාත් සභා බිහි වූයේ බෙදුම්වාදීන්ගේ ජයග්‍රහණයක් ලෙස බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසයි.

ඒ බෙදුම්වාදීන් විවිධ ස්වරූපයෙන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් රජය පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා යොමු කිරීමට බලපෑම් කරමින් සිටින බව එම සංසදයේ ආචාර්ය මාදුරුවේ ධම්මිස්සර හිමියන් පෙන්වා දෙති.

රටට පොරොන්දු වූ අලුත් ව්‍යවස්ථාවට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තමන් විරෝධය ප්‍රකාශ කරන බව උන් වහන්සේ අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *