පළාත් සභා අහෝසි කරන්න….! බලතල ප්‍රාදේශීය සහාවට නගර සභාවට දෙන්න! – ආණ්ඩුව තුළින් ම යෝජනාවක්….

December 26, 2020 at 1:57 pm | by emanisa.lk

පළාත් සභා සතු බලතල පළාත් පාලන ආයතන වෙත ලබා දී එම පළාත් පාලන ආයතන ශක්තිමත් කළ යුතු බවට යෝජනාවක් ආණ්ඩුවේ පාර්ශ්වයක් විසින් යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

ඒ පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට මතයක් ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් දරන පසුබිමක ය.

ඒ අනුව 13 වෙනි සංශෝධනයෙන් පළාත් සභා සඳහා ලබා දුන් බලතල ප්‍රාදේශීය සභා,නගර සභා සහ මහ නගර සභා වෙත ලබා දීමට යෝජනා කර ඇත.

මේ වන විට රටේ සියලු පළාත් සභාවල නිල කාලය අවසන් වී වසර දෙකකට වැඩි අතර ඇතැම් පළාත් සභාවල නිල කාලය අවසන් වී වසර හතරකට වඩා වැඩි ය.

පළාත් සභාවල බලතල ආණ්ඩුකාරයා සහ නිලධාරීන් මගින් මේ වන විට සිදුවන අතර උතුරු නැඟෙනහිර ජනතාව පවා මෙතෙක් පළාත් සභා ඉල්ලා නොමැත.

රටේ මුදල් නැති නාස්ති කරන සුදු අලියෙකු ලෙස ජනතාව පළාත් සභා හඳුන්වන අතර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ජනතාව අතර ඇත්තේ දැඩි විරෝධයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *