වහාම පළාත් පොලිස් සේවාවක් ස්ථාපිත කිරීම ඇතුළු තවත් ඉල්ලීම් පහක් ඉටුකරන ලෙසත් ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.
ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන්ගේ නිවසේ පැවැති සාකච්ඡාවක දී මෙම නව ඉල්ලීම් ප්‍රකාශයට පත් වී තිබේ.
ජාතික ප්‍රවාහන කොමිසම් පනත, කෘෂිකාර්මික පනත, දිවි නැගුම පනත යන පනත් ප්‍රතිශෝධනය කරන ලෙස ද ජාතික පාසල් අහෝසි කරන ලෙස ද ද්‍රවිඩ සන්ධානය තව දුරටත් දක්වා තිබේ.
පළාත් පොලිස් සේවාවක් ස්ථාපිත කරන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත්තේ උතුරු නැගෙනහිරට මධ්‍යම රජයේ මැදිහත්වීමකින් තොරව පොලිස් බලය ලබාගැනීම
පළාත් පොලිස් සේවාව මහ ඇමැති යටතට පැවරෙන නිසා රහස් පොලිසිය, ත්‍රස්ත මර්දන ඒකකය සහ මත්ද්‍රව්‍ය නාශක අංශය වැනි රජයේ ආයතනවලට උතුරු නැගෙනහිර කටයුතුවලට මැදිහත්වීමට නොහැකි වනු ඇත.
මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන ජාතික පාසල් අහෝසි කළ විට එහි බලය ද පළාත් සභා වෙත පැවරෙනු ඇත.