පහුගිය කාලේ මහවිරු දිනය සතියක් ම සැමරුවා! මෙවරත් එක දවසක් හරි මහවිරු සැමරුමට දෙන්න! – ශිවාජිලිංගම් ජනපති ළඟ හඬා වැටෙයි..

November 19, 2020 at 4:44 pm | by emanisa.lk

නොවැම්බර් මාසයේ යෙදෙන මහවිරු සතියේ එක දිනක් හෝ උතුරේ වැසියන්ට බාධාවකින් තොරව නිදහසේ සැමරීමට අවස්ථාවක් රජයෙන් ඉල්ලා සිටින බවත් එය උතුරේ ජනතාවගේ අයිතයක් බවත් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසයි.

පසුගිය කාලයේ නොවැම්බර් 21 වනදා සිට 27 දක්වා මහවිරු සතිය උතුරු නැගෙනහිර ජනතාව සැමරූ බවටත් එවැනි වාතාවරණයක් දැන් නොමැති නිසාවෙන් නොවැම්බර් 27 වනදා හෝ මහවිරු සැමරීමට උතුරේ ජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසට මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයාගෙන් මහවිරු සැමරුම් සම්බන්ධයෙන් විමසීමේදී මේ බව කියා සිටි අතර එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“ආයුධ ගත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ නොවැම්බර් මාසයේ සමරනවා. පොපිමල් දිනය ලෝකයේම සමරනවා. ඇයි මහවිරු සැමරුම විතරක් සමරන්න අවස්ථාව නැත්තේ. එම නිසා ගරු ජනාධිපතිතුමන්ගෙන් සහ අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ උතුරේ ජනතාවට නිදහසේ බාධාවකින් තොරව මහවිරු දිනය සැමරීමට එක් දිනක් හෝ අවස්ථාව සලසා දෙන ලෙසටයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස