යහපාල යුගේ කොටි මහවිරු සැමරුම් මෙවර බෑ! සමරන පිරිස් අල්ලන්න හමුදාව සීරුවෙන්!

November 18, 2020 at 4:02 pm | by emanisa.lk

උතුරු පළාතේ ඉදිරීයේ දී සැමරීමට නියමිතව ඇති මහවිරු සැමරුම් සියල්ලම නිරීක්ෂණය කිරීමට ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ අනුව ඕනෑ ම ආකාරයක සැමරුමක නීති විරෝධි ත්‍රස්ත සංවිධානයක් හෝ ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකු සිහිපත් කොට සමරනු ලබන්නේ නම් එම කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබේ.

කොටි පරාජය කළ පසු පසුගිය වසර හතරේ මහවිරු සැමරුම් සිදුකළ සුසාන භූමි මේ දිනවල විවිධ දේශපාලනඥයින් සහ සංවිධාන මගින් සුද්ධ පවිත්‍ර කරන අතර නිරෝධායන නීතියට අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට ද උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *