පහනට තෙල් නිර්මාතෘට පොහොට්ටු මන්ත්‍රීවරු පහර දී පන්නති…..!

April 6, 2021 at 7:24 pm | by emanisa.lk

අම්බලන්ගොඩ ප‍්‍රාදේහීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ විසින් බටපොළ නගරයේ සංවිධානය කළ විරෝධතාවකට එම ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විරෝධතා එල්ල කළහ.

මැර ක්‍රියා එම ප්‍රදේශයේ පවතින බව පවසමින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විරෝධතාව පවත්වද්දී පොදුජන පෙරමුණේ වෙනත් මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ එම විරෝධතාවට පහර දී ඔවුන් එතැනින් එළවා දැමුහ.

මහින්ද රාජපක්ෂ මහතාගේ නම කැත කරන්න එපා යැයි සෙසු මන්ත‍්‍රීවරු ඔහුට බැණ වැදුණහ.

ග්‍රේෂන් කෙරමිණියගේ පහනට තෙල් ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන අතර ඔහු පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෝවාන් මාර්ගඵලලාභියෙකු බවත් ඔහුගේ මෑණියන් රුවන්මැලි සෑයට අධිපති දේවතාවියක් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *