පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද(17) වරෙන්තු නිකුත් කළාය.
කුරුඳුවත්ත පොලිසිය මගින් මෙහෙවන නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරිය විසින් මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ යෙදී මහ ජනයාට හිරිහැරයක් කළැයි කියන සිද්ධියට අදාළව මං මාවත් පනත උල්ලංඝනය කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනා සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළාය.