පන්සලේ මළ ගෙදර ආ හිරුණිකා එළවා දමයි..! මළමිනී විකුණන්න එපා යැයි විහාරාධිපති හිමි කියයි..!

December 30, 2022 at 11:19 am | by emanisa.lk

පසුගියදා දැඩිගමුව විහාරස්ථානයේ පැවැති අවමංගල්‍ය අවස්ථාවක් සඳහා සහභාගී වීමට පැමිණි සජබ කඩුවෙල සංවිධායිකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එල්ල වූ විරෝධය නිසා ආපසු හැරී යාමට සිදුව තිබේ.

හිසෙහි ඇති වූ පිළිකා රෝගී තත්ත්වයකින් මිය ගිය 15 හැවිරිදි පාසල් දියණියකගේ දේහය තබා ගැනීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් දැඩිගමුව මානුංගමුව විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දේහය තැන්පත් කර අවසන් ගෞරව දැක්වීමට විහාරාධිකාරී කළුබෝවිටියන සිරිරතන හිමි කටයුතු කර තිබිණි.

මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මිය ගිය පාසල් දැරිය ඇයගේ මව්පියන් සහ සහෝදරියන් දෙදෙනා සමග දැඩිගමුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති අතර පියා ත්‍රී රෝද රථ රියදුරකු ලෙසත් මව පෞද්ගලික අංශයේ ආයතනයක කම්කරු රැකියාවක නිරතව ඇත.

නවගමුව දැඩිගමුව දේවමිත්ත මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නිපුනි නිසංසලා නමැති දියණිය මාස කිහිපයක් තුලදී හදිසියේ අසනීප තත්වයට පත්වී පිළිකා රෝගී තත්වයක් නිසාවෙන් මෙලෙස මිය ගියේය.

ඇය පදිංචිව සිටි කුලී නිවසේ හිමිකරුවන් දේහය අදාළ නිවසේ තැන්පත් නොකරන ලෙස දැනුම්දීම නිසාවෙන් දැඩි අසරණ භාවයට පත්ව සිටි අවස්ථාවේදී මානුංගමුව විහාරස්ථානයේ විහාරාධිකාරී කටයුතු කළ අතර අවසන් කටයුතු පසුගිය 28 වෙනිදා සිදුවිය.

මෙම අවස්ථාවට එකතු වීමට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පන්සලට පැමිණ දේශපාලනය නොකරන ලෙස පවසා වහාම විහාරස්ථානයෙන් ඉවත් වන ලෙස විහාරාධිකාරී කළුබෝවිටියන සිරිරතන හිමි දැනුම් දී ඇත. ඒ අනුව හිරුණිකා එතැනින් නික්ම ගොස් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *