පන්සල්වල වත්කම් සංගණනයක්…!

July 25, 2023 at 8:28 am | by emanisa.lk

බෞද්ධ වෙහෙර විහාර ඇතුළු සියලු ම ආගමික ස්ථානයනවල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

මේ අනුව මහා නායක හිමිවරුන්ගේ සහ සියලු ආගමික නායකයින්ගේ එකඟතාව මත අමාත්‍යංශයේ ආගමික කටයුතු දෙපාර්තුමේන්තු මේ සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරගැනීමට කටයුතු කිරීමට තීරණය කර තිබේ.

බොහෝ විහාරස්ථානවල දේපළ, වාහන හෝ ඒවාට ආධාර උපකාර ලැබෙන ක්‍රම සම්බන්ධයෙන් සහ ඒවායේ පරිපාලන කමිටු සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් ඇති වීම, එම ස්ථාන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නොමැතිවීම, වෙහෙර විහාරවල අලි ඇතුන් සම්බන්ධයෙන් ද කිසිදු තොරතුරක් අමාත්‍යංශය තුළ නොමැති වීම මෙම සංගණයට හේතුව බව ද අමාත්‍යවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *