පණුකරඳ ගහ ගැන අහන්න අඩවි වන නිලධාරියා උසාවියට කැඳවයි..!

July 18, 2023 at 9:59 am | by emanisa.lk

වේයන්ගොඩ දාරලුව ප්‍රදේශීය තිබූ පඬු කරඳ ගස නීති විරෝධීව කපා වළදමා ඇති බව කියන සිද්ධිය ගැන කරුණු දැක්වීමට මෙම මස විසි එක් වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගම්පහ අඩවි වන නිලධාරිවරයාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර ඇත.

මහනුවර-කොළඹ අධිවේගී මාර්ග භූමියේ පිහිටි මෙම ගස ඉවත් කිරීම සඳහා පරිසර සංවිධාන දැඩි විරෝධයක් දැක්වීය.

කෙසේ වුව ද පසුගියද පැමිණි පිරිසක් විනාඩි කිහිපයක් ඇතුළත ගස කපා ඉවත් කර තිබිණි. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමි වූ ප්‍රකාශ කළ ද වනජීවි දෙපාර්තමේන්තුව ඒ ගැන දැනුම්වත් නොමැති බව ද සඳහන් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *