මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද (31) සිට වසා දැමීමට නියමිතව ඇත.
නොර්වේ රජය පසුගියදා නිවේදනය කර තිබුණේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගන්නා බවය.
ඒ අනුව අද සිට කොළඹ පිහිටි මෙරට නෝර්වේ තානාපති කාර්යාලයේ රාජකාරී කටයුතු අත්හිටුවීමට නියමිතය. ඉන්දියානු නෝර්වේ තානාපති කාර්යාලය ලංකාව සහ මාලදිවයින සමග ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගෙන යනු ඇත.