සල්ලි අච්චු ගැසීමෙන් උද්ධමනය ඇති වෙන්නේ නෑ….! රට වැටිලා කියන්නේ රට වට්ටන්න ඕන අය….! – ධම්මික පෙරේරා….

September 24, 2021 at 9:35 am | by emanisa.lk

මුදල් අච්චු ගැසූ විට උද්ධමනය ඉහළ යන බව ආර්ථික විද්‍යා මූලධර්ම පොත්වල ඇතැයි ප්‍රකට ව්‍යපාරික ධම්මික පෙරේරා පවසයි.

එහෙත් ආණ්ඩුවේ ආදායම පහත වැටී ඇති අවස්ථාවක මුදල් අච්චු ගැසූ විට එවැනි තත්ත්වයක් ඇති නොවන බව එහි කියා නැතැයි ඔහු පෙන්ව දෙයි.

රටේ ආදායම පහත වැටීමට සාපේක්ෂව වැඩිපුර මුදල් අච්චු ගැසීම ගැටලුවක් විය හැකි වුවත් මෙතෙක් එවැනි තත්ත්වයක් දැකිය නොහැකි බවත් ධම්මික පෙරේරා අවධාරණය කරයි.

මේ අවස්ථාවේ කළ යුත්තේ මුදල් අච්චු ගසමින් ජනතාව ජීවත් කරවීම මිස පොතේ තියරි අනුව නොකා මිය යාම නොවන බවත් රට වැටිලා වැටිලා යැයි කියන පිරිසේ සැබෑ අරමුණ රට සැබවින් ම වැට්ටවීම බවත් ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *